Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

එක්සත් රාජධානියේ කොවිඩ් අවදානම් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

ලබන 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තීන්දුව ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

එම තීරණය අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල සිට පැමිණෙන සංචාරකයින්/පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අනවශ්‍ය බව එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවද එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් මහතා සදහන් කර ඇත.

මෙලෙස කාවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන අනෙක් රටවල් වන්නේ, තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව වේ.

එරට රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනද සිය ප්‍රසාදය පළ කළ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

Related posts

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කිරීමට නව ආණ්ඩුවේ සූදානම ගැන මංගලගෙන් පැසසුම්…

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

ජාතික අභිලාෂය ඉටු කිරීමේ වගකීම අධිෂ්ඨානයෙන් යුතුව මා භාරගන්නවා. – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

colombotoday