Colombo Today Local News

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා මහතා විසින් සහතික කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය.

පසුගිය අගෝස්තු මස 17 වනදා එම පනත් කෙටුම්පත, ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වේ.

තවද කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇත.

මේ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මක වෙයි.

Related posts

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

Admin

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday

2016 සිදු කල ප්‍රකාශයකින් මුස්ලිම් ජාතිකයන්ගේ සිත් රිදුනාලු. වසර 4කට පසු ඥානසාර හිමිට විරුද්ධව නඩු පවරයි

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday