Colombo Today Local News

ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ.

ඩෙල්ටා කොවිඩ් විකෘති ප්‍රභේදයන් බිහි වෙමින් පවතින නිසා ඒ සඳහා සූදානම් විය යුතු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

” ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ. ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි ඉදිරියේ දී එන්නේ.

ඒ නිසා අත්‍යවශ්‍යම කටයුතුවලට හැර තමන්ගේ නිවෙස්වලින් එළියට යන්න එපා. එහෙම ගිහින් නිරාවරණය වුණාම වෛටසය හැදෙන්න පුළුවන් කියන එක හිතේ තබාගෙනම එළියට යන්න ඕනේ. ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට අපේ රටෙත් සීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා.
විශාල ප්‍රමාණයක් දිනකට ජීවිතක්ෂයට පත්වෙනවා රෝගී වෙනවා. මේ වෛරසය ඉතාමත්ම දරුණු එකක්. එය ලෙහෙසියෙන් ඇඟේ ඇලෙන්න පෙනහලු‍වලට හානි කරන්න, සිරුරට හානි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.” යැයි ඇමැතිවරයා පැවැසුවේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

colombotoday

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් හයක පිටපත් කතානායකට

colombotoday

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

colombotoday