Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවා අද (මාර්තු 4) සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ය.

ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් සදහන් කළේ අද සිට දිවයිනේ පිහිටි ඕනෑ ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවා ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

පසුගිය (පෙබ. 29) දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා ස්වයංක්‍රීය දුරකතන අංකයක් හා වෙබ් අඩවියක්ද හඳුන්වා දී ඇති බව ය.

එමෙන්ම,

“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වන දා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලු ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලු ම සේවාලාභීන් අනිවාර්යයෙන් ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කර ගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්ය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකතන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකතන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරා ම ඔබතුමාලට සෑම කෙනෙකුට ම ඔබතුමාලාගේ තියෙන දුරකතන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා, www.dmtappointments.dmt.gov.lk කියලා.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙම අදහස්ද පල කලේය.

Related posts

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

colombotoday

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

Admin

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

colombotoday