Colombo Today Local News

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය.

නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග නිසි ප්‍රමිතියකින් තොරව එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින් සිදු කරන බව ප්‍රදේශවාසින් කියා සිටියි.

නානුඔය රදැල්ල කෙටි මාර්ගයට අමතරව නුවරඑලියට බර වාහන ධාවනයට නානුඔය මංසන්ධිය දක්වා කිලෝමිටර් 10 කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංර්ධණ අධිකාරියේ අධික්ෂණය යටතේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් සිදු කරනු ලබයි.

නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවද නොතකා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින් කාපට් ඇතිරිම නිසා එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමිතියකින් තොරව බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප එම කොන්ත්‍රාත් සමාගමේ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරන නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුවක් වේ නම් ඒ පිලිබදව නුවරඑලිය විධායක ඉංජිනේරුවරයෙකුගෙන් කරුණු විමසන ලෙසයි.

ඒ අනුව අප නුවරඑලිය විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තාර හෙදින් රත් කර මාර්ගයට ඉස පසුව කාපට් ඇතිරිම සිදු කරන නිසා පවතින සුළු වර්ෂාව මාර්ගයේ කාපට් ඇතිරිමේ ප්‍රමිතියට බාධාවක් නොවන බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

colombotoday

උතුරෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් ගැන විමල්ගෙන්, දිනේෂ්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

මාරවිල දිසා අධිකරණ සේප්පුවේ ලක්ෂ 22ක් අතුරුදන්

Admin

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday