Colombo Today Local News

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරන ඩයගම පදිංචිව සිටි අවු 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය භූමිදානය කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඊයේ (26) දින සිට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි දැරියගේ මෘත දේහය යලිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයක් සමග ජේ.ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මෘත දේහය ගොඩ ගැනිමේ කටයුතු (27) දිනයේ සිදු කිරිමට නියමිත අතර, ඩයගම ප්‍රදේශයේම පදිංචි තරුණියන් කිහිප දෙනෙකු රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරුව්කරුවන් විසින් කොළඹ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්යංශය පොලිස් නිලධාරින් පිරිසක් (27) දින ඩයගම ප්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලබයි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටුව ඉමිතියාස් බාකීර් මාකාර්ට !

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

ඡන්දෙන් පස්සේ උතුරේ නායකයන් සමග වැඩ කරනවා

Admin