Colombo Today Local News

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

පෙම් සබඳතාවක් දෙදරායෑමෙන් පසුගිය 12 දින රාත්‍රි සිය නිවෙසේදී තරුණයකු ගෙලවැලලාගෙන මියගිය බවද එම මළ සිරුර සම්බන්ධ පැවැති පී.සී.ආර්. පරීක්‍ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවද කොටවෙහෙර පොලිසිය පවසයි.

මෙලෙස මියගියේ කොටවෙහෙර පොලිස් වසමේ තබරොම්බුව පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මියගිය අය කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පෙම්වතියද එම ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

දෙදෙනා අතර ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සිත් තැවුලටපත් පෙම්වතා ලිපියක් ලියා තබා නිවෙසේදී ගෙලවැලලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව දීමට සූදානම්…

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එකඟයි – මහින්ද රාජපක්ෂ පවසයි

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

බලහරුව වැවේ මළ සිරුරක්

Admin