Colombo Today Local News

තිරිඟු ආනයනයට පියවර

සත්ත්ව ආහාර සඳහා තිරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

සත්ත්ව ආහාර මිල පාලනය කිරීම මෙහි අරමුණ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය හේමමාලී කොතලාවල පැවසීය.

විවෘත වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ස්ථාවර කිරීමත් සාධාරණ මිලකට මාංශ සහ ඒ ආශ්‍රිත ආහාර පාරිභෝගික ජනතාවට සැපයීම ක්‍රමවත් කිරීමටත් රජය ගෙන ඇති තීරණයට අනුව තිරිඟු ආනයනයට පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

සංචරණ සීමා ඉවත් කර රට විවෘත කිරීමත් සමග ඉදිරියේ දී සත්ත්ව ආහාර මාංශ සහ ආශ්‍රිත නිෂ්පාදන බෙදා හැරීම ක්‍රමවත් වනු ඇති අතර සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු ආනයනය කිරීමෙන් නිෂ්පාදන වියදම පහළ යනු ඇති බවද ඇය පැවසුවාය.

කුකුළු මස් කිලෝවක පාලන මිල රුපියල් 430ක් ලෙස රජය පනවා තිබෙන බවත් පැවසූ වෛද්‍යවරිය ඉදිරි සති කීපය ඇතුළත තිරිඟු ආනයනය කෙරෙනු ඇති බවද කීවාය.

Related posts

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

colombotoday

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

colombotoday

නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත්. පරිභෝජනයෙන් 30%ක් අපතෙ යනවා

colombotoday