Colombo Today Local News

මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ව්‍යපාරයක් ආරම්භ කරන්න යනවාද.. මට සැකයි ! – විජයමුණි සොයිසා

wijithamuni soiza
මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යනවාදැයි තමන් නොදන්නා බව අමාත්‍ය විජිත් විජයමුණි මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේදී අද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී මාධ්‍යවේදීන්ට‍ අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.


“ඊයේ දිනය ගැන කනගාටුයි. වනචාරි විදියට හූ කියාගෙන මෙතනින් ගියා. මේ රටේ ජනතාව දැක්කා ඒ අයගේ පාද යාත්‍රාව. හැබැයි ඒ අයට ආණ්ඩු පෙරළන්න බෑ. ඒ අයගේ. කෙණ්ඩනම් පෙරළෙන්න ඇති මහනුවර ඉඳලා කොළඹ ඇවිල්ලා. මහින්ද එදා පක්ෂයේ සභාපතිකම මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදුන් අවස්ථාවේ මෙන්න මෛත්‍රී මගේ පුතා කියා නාමල් බාරදුන්නානම් අද නාමල්ට පාරේ ජෝගි නටන්න දෙන්නේ නෑ. පුතා ඔහොම කරන්න එපා කියලා කියනවා. ඒ ගොල්ලෝ කුලවාදී, ජාතිවාදී, අන්තවාදී තව ස්ටෙප් එකක් තියෙනවා ඒකතමයි ත්‍රස්තවාදී. යන්න නෙවෙයි ආයේ එන්නේ කියද්දී මම දන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවාද කියලා. නමුත් එතුමා දැනගන්න ඕන ගරුත්වය රැකගන්න. ඒ අය එහෙම එනවා නම් අපිත් සුදානම් අභියෝගවලට මුහුණදෙන්න. මෛත්‍රිපාල සිරිසේන කියන්නේ කැඳ කෝමාරිකා සෙවල බණ්ඩක්කා නොවෙයි.එතුමා තනියම එළියට බැහැලා දිනුවේ. ඔය කියපු මහලොකු නායකයෝ තමයි පැරැද්දුවේ. අපි හිටියෙත් නෑ. අපි ආවේ ජනවාරී 8 වැනිදායින් පස්සේ.”

Related posts

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා රැසක්

colombotoday

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday