Colombo Today Local News

දිවයිනට ආ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද යාල වනෝද්‍යානයේ සංචාරයක

දිවයිනට පැමිණ සිටින ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් අද (8)දින යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වේ.

සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, ප්‍රංශ තනාපති කාර්යාලය මෙරට විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලිමකට අනුව ප්‍රංශ නාවික හමුදා සමාජිකයින්ට මෙරට සංචාරය කිරිමට අවස්ථාව ලබා දී ඇති බවයි.

ඒ අනුව ඔවුන්ගෙන් 101 දෙනකු යාල වනෝද්‍යානයේ ද 86 දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයේද, 235 දෙනෙකු හබරණ ප්‍රදේශයේ ද, සංචාරය කීරිමට නියමිතව තිබේ.

මෙම පිරිස සඳහා සංචාරක මගපෙන්වන්නන් හා සෆාරි ජීප් රථ ද යොදවා තිබේ.

ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් 750 දෙනෙකු රැගත් නෞකා දෙකක් ඊයේ කොළඹ වරායට පැමිණියහ.

ලබන 11 වැනිදා දක්වා ඔවුන් දිවයිනේ රැඳී සිටිමට නියමිත ය.

මේ අතර වනජිවී දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් පිරිසට සංචාරය කිරීම සඳහා අද යාල ජාතික වන උද්‍යානය විවෘත කරන බවයි.

ජෛව බුබුල සංකල්පය යටතේ මෙම පිරිස එහි සංචාරය කරනු ඇති.

ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින්ගේ සංචාරක කටයුතු සියල්ල සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කෙරේ.

මේ අතර සංචාරක බුබුල ක්‍රමවේදය යටතේ, ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් ලැගුම් ගන්නා හෝටල්වල පමණක් සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ආරක්ෂිත හා සුරක්ෂිත පළමු පෙළ හෝටල්වල කොන්දේසිවලට යටත්ව එම අවසරය ලබා දී ඇති බවයි.

සංචාරක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා පමණක් එම පහසුකම ලබාදී තිබේ.

Related posts

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ රෝහල් රැසක් මිලියන 400ක විදුලි බිල් ගෙවා නෑ

Admin

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

colombotoday

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

“ලාංකිකයන් 40ක් ඉරාක – සිරියා සටන් බිමේ.. ලාංකික මුස්ලිම් සමාජය තුළ ISIS මතවාද වර්ධනය වෙමින් පවතිනවා” රොහාන් ගුණරත්න

colombotoday