Colombo Today Local News

කිරි කැටියා බිහි කල කොවිඩ් ආසාදිත මව දිවියට සමුදෙයි

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගිය පුවතක් ඊයේ (14) දිනයේ කුරුණෑගල රෝහලෙන් වාර්තා වී තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේ 28 හැවිරිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබිනි කාන්තාවක් සිය දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව එලෙස මියගොස් ඇති බවය.

ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබුණි.

ඇයට එම රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇති අතර අපස්මාර රෝගී තත්වයෙන්ද පෙළී ඇති බැවින් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් සිදුකර ඇති බව වාර්තා විය.

එහිදී අපස්මාර රෝගී තත්ත්වය උත්සන්නවීමත් සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් මව ජීවිතක්ෂයට පත්වී ඇති අතර බිළිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබුණි.

මේ වනවිට බිළිඳා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේය.

Related posts

පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

colombotoday

කෙහෙළිය එළියට

Admin

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday