Uncategorized

IPL ගහන්න ආ නවසීලන්ත ක්‍රීඩකකුට කොරෝනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් වූ නවසීලන්ත පිතිකරු ටිම් සිෆර්ට් (Tim Seifert) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටිම් සිෆර්ට් නැවත නවසීලන්තය බලා යෑමට පෙර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණය මගින් ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

නවසීලන්ත කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් සමග ටිම් සිෆර්ට්ට නවසීලන්තයට ආපසු යාමේ වරප්‍රසාදය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ වනවිට ඉන්දියාවේදී නිරෝධායනයට යොමුව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔහු නැවත PCR පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත ය.

කෙසේවෙතත් නවසීලන්තයේදී ද ඔහුට දින 14 ක කාලයක් නිරෝධායනය වීමට සිදුවන බව වාර්තා වේ.

Related posts

The top street style trends of spring 2018 fashion month

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,635ක්

colombotoday

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin