පැල්මඩුල්ල ගුරුදොල හංදියේ දී වාහනයක හැපුණු ගැබ්බර එළදෙනක් දොඹකරයක ආධාරයෙන් නැගිටවා ආධාරන මැස්සක රදවා කැඩුණු කොන්දට ප්රතිකාර කරන ආකාරයයි මේ. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව සිටි මේ එළදෙනට ප්රතිකාර කර වැස්සෙන් අව්වෙන් නොතෙමෙන සේ ඉන්නට තැනක් තනා දෙන්නට තරම් ඔවුන් කාරුණික වුණා.
පණපිටින් ඉන්නා ගැබ්බර ගවයන්ගේ පවා පාද කපාගෙනගොස් බුදින මිනිස් වෙස් ගත් තිරිසණුන් ඉන්නා සමාජයක සැබෑ මිනිසත්කම මේ යැයි ලොවට හඩගා කියනා මේ උතුම් මිනිසුන්ට අප හිස නමා අචාර කරමු.