Colombo Today Local News

උතුර-නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදීම අපේ එකම අරමුණයි, රජයත් එවැනි විසදුමකට පොරොන්දු වුණා – සුමන්තිරන්

sumanthiranඋතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ඒ හරහා බලය බෙදීමේ විසදුමක් කරා ගමන් කිරීම තම දීර්ඝකාලීන ඉලක්කය සහ අරමුණ බවත් ද්‍රවිඩ ජනතාවගේ ගැටළුවලට විසදුම ඇත්තේ ඒ තුළ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ද්‍රවිඩ ජනතාවගේ දීර්ඝකාලීන ගැටළුවට විසදුමක් ලබා දෙන බව රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති බවත්, විශේෂයෙන්ම මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී රජය වෙනුවෙන් පොරොන්දු වූ බවද දමිළ මාධ්‍ය සෙයිදි වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසයි. එමෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද බලය බෙදීම තුළින් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගත යුතුය යන ස්ථාවරයේ සිටින බවත්, අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් ජනපතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇති බවද ඔහු පවසයි.

එලෙස ජාත්‍යන්තරයට සහ ජනතාවට පොරොන්දු වූ අයුරින් වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ගැටළු විසඳීමට උත්සාහ කරන බව රජය ප්‍රකාශ කර තිබීම ප්‍රශංසනීය කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය රජයන් මෙන් නොව, ප්‍රධාන පක්‍ෂ 02ක එක්ව රජයක් පිහිටුවා ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ කතා බහට ලක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ප්‍රධාන පක්‍ෂ 02 උනන්දුවක් දැක්වීම ඉතා ප්‍රශංසනීය කටයුත්තක් බවට ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා මෙසේද පවසයි.

“පසුගිය කාලයේදී මෙන් මෙම කරුණේදී පැත්තකට වී බලා සිට රජය විවේචනය කිරීම හෝ දෙමළ ජනතාවට කිසිවක් ලැබුණේ නැත යනුවෙන් තර්ක කිරීමට වඩා රජය සමග එක්ව ඔවුන්ට බලපෑම් කර, අපගේ අයිතිවාසිකම් දිනාගැනීම වඩාත් නිවැරදි ක්‍රමවේදයයි.

මෙම අවස්ථාව දෙමළ ජනතාවට ඉතා වැදගත්ය. අපගේ ජනතාවගේ දීර්ඝ කාලීන ගැටළුව විසඳීම සඳහා වන සටනේදී මෙවැනි අවස්ථාවන් සැකසී ඇති තත්වයේදී එය පැහැර නොහැර නිවැරදි ලෙස උපයෝගී කරගත යුතුය. දැන් අප සාමකාමීව සිට බලාසිටීම අපගේ ජනතාවට කරන විශාල ද්‍රෝහිකමකි. එබැවින්, රජය සමග පූර්ණ ලෙස සම්බන්ධ‍වී බලපෑම් කර හෝ ගැටළු විසඳාගත යුතුය. අපගේ ජනතාවගේ අභිලාශයන් දිනාගැනීම අපගේ ප්‍රධාන ඉලක්කයයි. ඒ සඳහා සියළු බලපෑම් දෙමළ ජාතික සන්ධානය කරනු ඇත. එලෙසම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ඒ මාර්ගයෙන් බලය බෙදීම කරා ගමන් කිරීම අපගේ දීර්ඝ කාලීන ඉලක්කයයි”

දෙමළ කතා කරන ජනතාව යන පදනමින් දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව ජීවත්විය යුතු බවත්, එලෙස එක්ව ජීවත්වීම දෙපාර්ශවය කැමැත්තනම් එය ඇතිකරදීමට පැකීලෙන්නේ නැති බවත් මිය ගිය මුස්ලිම් කොංග්‍රස් ප්‍රධානී අශ්රොෆ්ගේ ස්ථාවරය වූ බවත්, එබැවින් අදටත් මුස්ලිම් ජනතාව නියෝජනය කරන අශ්රොෆ් මහතාව අනුගමනය කරන මුස්ලිම් දේශපාලකයන් සමග සාකච්ඡා කර එකගතාවය පදනම්කරගෙන තම අරමුණ දිනා ගැනීමට ද්‍රවිඩ සන්ධානය සූදානමින් සිටින බවද එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Related posts

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඞී. හිටපු ලොක්කෙක් ෂේප් කරලා.

colombotoday

හිටපු රජය බලයට ආවොත් රටට ආත්මයක් නැති වෙනවා – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

පෙරේතකමට තවත් අල්ලගෙන නොසිටිය යුතුයි.. නායකත්වයේ වෙනසක් අවශ්‍යයි – සුජීව එළිපිටම කියයි [video]

colombotoday

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday