Covid 19

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 කට කොරෝනා අසාදනය වෙයි

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මීට පෙර, එම මුළුතැන්ගෙයින් වාර්තා වුයේ එක් ආසාදිතයෙකු පමණි.

මේ හේතුවෙන් මුළුතැන්ගෙය විෂබීජහරණයට ලක්කර තිබෙන අතර රෝහල සඳහා අවශ්‍ය ආහාර තාවකාලිකව බාහිරින් සපයා ගැනීමට පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර දෙහිඕවිට හිඟුරලකන්ද මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුන්ට නිවාඩු ලබාදීමට විදුහල් පාලනාධිකාරිය අද පියවර ගත්තේය.

ඒ, එම ශ්‍රේණියේ සිසුවෙකුගේ වැඩිමහල් සහෝදරයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙනි.

සිසුවාගේ පීසීආර් පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමත අතර එහි ප්‍රතිඵල ලැබෙනතුරු විදුහලේ 10 වන ශ්‍රේණියේ සිසුන්ට මෙලෙස නිවාඩු ලබාදී තිබේ.

අදාළ සිසුවා දින 02ක් පාසලට පැමිණ තිබූ අතර ඔහුගේ සහෝදරයා සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන බව වාර්තා වේ.‍

මේ අතර වරකාපොළ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයෙන් පළායාමේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා විය.

මේ හේතුවෙන් එම ආසාදිතයින් 21දෙනෙක් යුද හමුදාව මගින් පාලනය කෙරෙන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

Related posts

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 8කට කොවිඩ්

colombotoday

දිවුලපිටිය-රාගම අවුරුදු උත්සව දෙකකට ගිය 28කට කොවිඩ්

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

පාසල් සිසුවියකට කොරෝනා

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday