World

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෝටර් රථයකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කය හරහා මුම්බායි බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයෙකු මිය ගොස් තවත් මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දියාවේ බටහිර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පොලිසිය පවසයි.

රටේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ටාටා හි හිටපු සභාපතිවරයාගේ මරණය ව්‍යාපාරික ලෝකයට විශාල පාඩුවක් ලෙසයි ඉන්දීය අගමැතිවරයා පවසන්නේ.

54 හැවිරිදි මිස්ට්‍රි මහතා ටාටා සමූහයේ සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ 2016 වසරේ දී.

Related posts

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

colombotoday

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday