World

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෝටර් රථයකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කය හරහා මුම්බායි බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයෙකු මිය ගොස් තවත් මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දියාවේ බටහිර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පොලිසිය පවසයි.

රටේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ටාටා හි හිටපු සභාපතිවරයාගේ මරණය ව්‍යාපාරික ලෝකයට විශාල පාඩුවක් ලෙසයි ඉන්දීය අගමැතිවරයා පවසන්නේ.

54 හැවිරිදි මිස්ට්‍රි මහතා ටාටා සමූහයේ සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ 2016 වසරේ දී.

Related posts

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin