Colombo Today Local News

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කුරුණෑගල, වැහැර ප්‍රදේශයේදී බෝක්කුවකට ඇඳ වැටී එහි සිරවී සිටි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

පාසල නිමවී ජලයෙන් යට වී තිබූ මාර්ගය ඔස්සේ අද යළි නිවසට යමින් සිටි සිසුවා බෝක්කුවට වැටී ඇති අතර පසුව ජල පහරට හසුව ගොස් බෝක්කුවේ සිරවී තිබේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, පොලීසිය සහ යුද හමුදාව එක්ව සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේය.

පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසුව බෝක්කුව තුළ සිරවී සිටි සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය සිසුවා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

Related posts

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

colombotoday

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin

වසර 48000කට පෙර අපේ උරුමය-දුනු – ඊතල භාවිත කළ ලොව පැරණිතම මානවයන් ගැන මෙරටින් සාක්ෂි හමුවේ

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday