Colombo Today Local News

බාල වයස්කාර දැරියක් ගැබිණියක් කල සැකකරුවන් තිදෙනෙක් ඇතුළු මව අත්අඩංගුවට

බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හාලිඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7 ක් වයසැති දැරියක් මෙලෙස දූෂණයට ලක්ව ඇතැයි හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා ට පසුගියදා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර, අදාළ දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී ඇය මාස 4ක ගැබිනියක් බවට අනාවරණය වී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වන්නේ, බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුය.

මවගේ අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට එම පුද්ගලයාට අවස්ථාව සලසා දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එම පුද්ගලයා 41ක් හැවිරිදි විවාහක අයෙකු බවත් ඔහුට අවුරුදු 7ක පුත්‍රයෙකු සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

දැරියට සිදුකළ අතවරය සම්බන්ධයෙන් දෙවන සැකකරුවන් වන්නේ හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකුයි.

ඔහු ද දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන බවට අනාවරණය වී තිබේ.

තෙවැනි සැකකරුද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්ය.

සැකකරුවන් සියලුදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දැරියගේ මව ද එම අපරාධයට අනුබල දීම යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන හාලිඇළ පොලීසිය විසින් සිදුකරයි.

Related posts

අපේ විදෙස්ගත ශ්‍රමිකයින් දුක්විඳිනවා.. තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ- සජිත්

colombotoday

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

colombotoday

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin