Colombo Today Local News

නිදහස් කළැයි කියන සහරාන්ගේ උපදේශකයා මුජුබර්ගේත් හිතවතෙක්. – ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට මුජුබර් රහුමාන් මැදිහත් වූ හැටි

යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පැවසීය.

එයින් එක් පුද්ගලයෙක් සහරාන්ගේ උපදේශකයෙක් ලෙස වැඩ කර ඇතැයිද රහුමාන් සඳහන් කළේය.

මුජුබර් මන්ත්‍රීවරයා මෙම පුද්ගලයා පිළිබඳව මීට ඉහතදී ද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරන ලදි.

මුජුබර් රැකවරණය දුන් “අබු මස්ලමා රූමි අබ්දුල් අසීස්” නොහොත් “රූමි නිසාර්”

අත්අඩංගුවට ගෙන මුදා හැර ඇතැයි මුජුබර් රහුමාන් සඳහන් කරන පුද්ගලයා “අබු මස්ලමා රූමි අබ්දුල් අසීස්” නොහොත් “රූමි නිසාර්” යනුවෙන් අප හඳුනා ගන්නා ලදි. කාලයක් ඔහුව පෝෂණය කර ඇත්තේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් වන අතර දෙදෙනා සමීප හිතවතුන් ලෙස කටයුතු කර ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනය කිරීමට පෙර මුජුබර් රහුමාන් ගේ දේශපාලන පක්ෂය වූ මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රභල ක්‍රියාකරුවෙක් ලෙස මෙම තැනැත්තා කටයුතු කර ඇත.

මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණට අයත් පෝස්ටර් තොගයක් ද සමගින් 2000 වසරට පෙර පැවති මැතිවරණයක් අවස්ථාවේදී රූමි නිසාර් සහ මුජුබර් රහුමාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පවා පත්ව ඇත.

රූමි නිසාර් ත්‍රස්තවාදීයෙක්නම් ඔහුට ත්‍රස්තවාදියෙක් දක්වා පැමිණීමට අවශ්‍ය දේශපාලන රැකවරණය ලබා දීමට මුජුබර් රහුමාන් කටයුතු කරේද යන්න පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවය දැන් මතු නොවන්නේද…?

ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට මුජුබර් රහුමාන් මැදිහත් වූ හැටි මෙන්න

ශ්‍රී ලංකාව ඉස්ලාම් කිරීමට කුමන්ත්‍රණය කල බවට පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවූ පසුගියදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් මීට ඉහතදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුව බේරා ගැනීම සඳහා මුජුබර් රහුමාන් දැඩි පරිශ්‍රමයක් යොදා තිබෙනවා.

2019 වසරේ ඔක්තෝබර් 25 දින කොළඹ අපරාධ කොට්ඨාසය මගින් හජ්ජුල් අක්බර් මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඊට දින කිහිපයකට පසු එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කල දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් හජ්ජුල් අක්බර් පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදි.

හජ්ජුල් අක්බර් බේරුවල නලීමියා විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් නීතිය පිළිබඳව උපාධියක් ලැබූ විද්වතෙක් බව එම ප්‍රකාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පෙන්වා දෙන ලද අතර පාස්කු කොමිසම අන්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වා ඇති “ජමාත්තේ ඉස්ලාමි” සංවිධානය පිළිබඳව ගුණ වයුමක්ද සිදුකරන ලදි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බාර් පසුව කොන්දේසි විරහිතව නිදහස් කිරීමට කටයුතු කරන ලදි.

හජ්ජුල් අක්බර් පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 270 වන පිටුවේ මෙලෙස නිර්දේශ ලබා දී ඇත…

“හජ්ජුල් අක්බර් යනු ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රධාන මතවාදීන්ගෙන් කෙනකු බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි මතයයි. ඔහු ආගමික වෛරය සහ නොඉවසීම ප්‍රවර්ධනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමට මුස්ලිම්වරුන් පොළඹවා ඇත. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.”

Related posts

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

colombotoday

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

හමුදාව, පොලීසිය ගණන් නොගන්නා තැනට පත්වෙලා.. උතුරේ කොටි නැගිටිනවා වගේ

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday