Colombo Today Local News

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වැලිපරයක සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට යාත්‍රාවක් පැමිණෙන තෙක් එම වැලිපරයෙහි රැඳී සිටි බවට සැක කෙරෙන, වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (02), එක් කාත්තාවක්(01) සහ වයස අවුරුදු 18 ට අඩු තිදෙනෙකු (03) ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර ඇත.

නාවික හමුදා භාරයට ගත් පිරිස වව්නියාව සහ මොරවැව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කර සිටී.

Related posts

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Admin

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin