Colombo Today Local News

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් වුව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත් ලබා ගැනීම සඳහා කලින් දින සහ වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් විවෘතව තබන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවාධාරණය කරන්නේ, අනෙකුත් සේවා එදිනට සිදු නොකරන බවත් කිසිදු හේතුවක් මත කලින් දින හා වේලාවෙන් වෙන් නොකරගත් කිසිවෙකුට මෙදින සේවා සපයනු නොලබන බවත් ය.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති ලබන 19 වැනිදා පසුගිය දා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ.

කෙසේ වෙතත් එදින බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් නොවනු ඇති.

Related posts

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday