පසුගිය මැයි මස 30 වැනි දා සිට මේ දක්වා කාළය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වෙඩි තබා පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුල් මත එම ඝාතන සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (31) රාත්‍රීයේ බලපිටිය රෝහල ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි.