Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි‍‍යි

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර්තාවේ දැක්වේ.

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට එම වාර්තාව අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර හදිසි ආධාර ප්‍රමාද වුවහොත් ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර වනු ඇතැයි එම වාර් තාවේ දැක්වේ.

මෙම වසර සඳහා ධාන්‍ය ආනයන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් වන අතර පළමු මාස හය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 932000 ක් ආනයනය කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.27 ක් මෙම වසර සඳහා ආනයනය කළ යුතුව තිබෙන බවත් එම වාර් තාවේ සඳහන් වේ. නමුත් පවතින සර්ව ආර්ථික අභියෝග හමුවේ මෙම වසර සඳහා අවශ්‍ය මුළු ධාන්‍ය ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් තිබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි.

වතුකරයේ සහ කාන්තාව මූලික වූ පවුල් වල මෙන්ම මූලික අධ්‍යාපන මට්ටමක් නොමැති පවුල්වල,ඉන්දියානු දෙමළ ජනගහනය තුළ,සමෘද්ධිය ලබන පවුල්වල ආහාර අනාරක්ෂිතතාව දැනෙන ලෙස වැඩි වී ඇතැයි එම වාර් තාවේ දැක්වේ. ආහාර සහ ජීවනෝපාය සම්බන්ධව පැන නගින දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට, ආහාර වේල් මග හැරීමට, වියදම් කරන ප්‍රමාණය අඩුකිරීමට සහ ණයට ආහාර ලබා ගැනීමට ජනතාව පුරුදු වී ඇතැයි එම වාර්තාව පවසයි.

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් හෙම්බත් වූ විට මීට වඩා දැඩි ක්‍රියාමර් ග අනුගමනය කිරීමේ අවදානමක් තිබෙන බව එම වාර් තාවේ සඳහන් වේ.

Related posts

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

colombotoday

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

colombotoday

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

colombotoday