Colombo Today Local News

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඉදිරි කාලයේ දී සේවා පවත්වාගෙනයාම සඳහා සේවක අතිරික්තයක් තිබෙන අංශවලින් සේවකයන් යොදාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ වෙනුවෙන් රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.

වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ රාජ්‍ය සේවය වඩා විධිමත්ව, කාර්යක්‍ෂමව හා ඉහළ මට්ටමකින් පවත්වාගෙනයාම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති පුරප්පාඩු හා අතිරික්තයන් ගණනය කිරීමෙන් පසු එම සේවක සංඛ්‍යා තුලනය කිරීමට ද එම කමිටුව වැඩපිළිවෙලක් සකසනු ඇතැයි හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

Related posts

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

කිලිනොච්චි, සෙල්වනගර් හමුදා කදවුර ඉවතට.. ඉඩම් අනිද්දා බාර දෙයි !

colombotoday

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

colombotoday

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

colombotoday