හෙම්මාතගම, තල්ගස්පිටිය ප්රදේශයේ නිවසක දහතුන් හැවිරිදි පිරිමි ළමයෙක් සිදුකළ පහරදීමකින් අසූඑක් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, යකඩ පොල්ලකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇත්තේ එම දරුවාගේම මිත්තනියව බවයි.
මානසික ආබාධයකින් පෙළෙන එම දරුවා උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් පසුව මෙම ඝාතනය සිදු කර තිබේ.