Colombo Today Local News

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

විශ්වවිද්‍යාලවල අලුතින් ආරම්භ කළ පාඨමාලා දහයකට පමණ බරපතළ ලෙස ආචාර්යවරුන්ගේ හිඟයක් ඇති වී තිබේ. වෘත්තීය චිකිත්සාව, දෘෂ්ටිමිතිය, බුද්ධිමය යන්ත්‍ර විද්‍යාව, ව්‍යවහාරික රසායන විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව, දේශීය ඖෂධ සම්පත්, සෞඛ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීව විද්‍යා තාක්ෂණය, යෝග සහ පාරමනෝවිද්‍යාව, ගිණුම්කරණ තොරතුරු පද්ධති වැනි පාඨාමාලාවල මෙම හිඟය ඇති වී තිබේ.

කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය යන විශ්වවිද්‍යාලවල මෙම පාඨමාලා පැවැත්වෙයි. මෙම එක් එක් පාඨමාලාවට සිසුන් 60 සිට 100 දක්වා අතර ප්‍රමාණයක් බැගින් ඇතුළත් කෙරේ. ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය මෙතෙක් නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

Related posts

අල්ලස කෝටි 26යි. අවලංගුවට කෝටි 1780යි. රටක් බිමට පහත් කළ ජාතික ගුවන් සේවයේ ගසා කෑම.

colombotoday

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමු එක් විනිසුරුවෙක් අගවිනිසුරුධූරයට ?

colombotoday

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

colombotoday

මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා- මනෝ ගනේෂන්

colombotoday