Colombo Today Local News

මුලු ලොවම වෙනත් දිශාවකට යද්දී අපි යන්නේ මිලෙච්ඡත්වයට – රජයේ වල් ඌරු දඩයම් තීරණයට පරිසරවේදීන්ගේ විරෝධය

වල් ඌරන් ඝාතන තහනම ඉවත් කිරීම පිළිබදව පරිසරවේදීන් සහ සත්ත්වවේදීන් සිය අප්‍රසාදය පළ කර සිටියි.

කෘෂි භෝගවලට ඌරන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතත් එය ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන තීරණයක් බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සදහන් කර සිටියි.

අලි මිනිස් ගැටුම ,කිඹුල් මිනිස් ගැටුම ආදී සියලු ගැටුම් වලට විසදුම එම සතුන් ඝාතනය කිරීමද? මිනිසුන්ට හා වගාවන්ට හානි සිදුවන බැවින් අනෙක් සියලු සත්ත්වයින් ඝාතනය කළ යුතුද ? යන්න කාරියවසම් මහතා ප්‍රශ්න කර සිටියි.

මෙය ශිෂ්ඨත්වය සම්බන්ධ ගැටලුවක් බවත් මනුෂ්‍ය මූලික සමාජයක විශේෂයෙන්ම සිංහල බෞද්ධයැයි කියන ජනතාව සිටින සමාජයකට මෙය උචිත නොවන බවත් ඒ මහතා කියා සිටියි.

මෙබදු ම්ලේච්ඡ තීරණයක් ගත්තා නම් හෙට අනිද්දා වන විට රජයට කරදර කරන මිනිසුන් පවා ඝාතනය වීමට ඉඩ ඇති බවත් හෙතෙම කියා සිටියි.

මුලු ලොවම වෙනත් දිශාවකට ගමන් කරද්දී අප යළිත් ම්ලේච්ඡත්වය ලොවටම පෙන්නුම් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයාව සිටියදී මෙවැන්නක් සිදුවීම ඉතා කණගාටුදායක තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Related posts

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

රියැදුරු බලපත්‍රයටත් QR කේතයක්

Admin

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

colombotoday

කුරුණෑගල DIG ට සහ ASP ට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

colombotoday

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday