Colombo Today Local News

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

පළාත් සභා මගින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් රෝහල් මෙසේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පැවරීමට තීරණ කර ඇත.

කොළඹ ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබා දෙමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරා ගත් එක් රෝහලක් වැඩිදියුණු කිරීමේ සැලසුම යටතේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසිනි.

Related posts

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin