සිංහලේ වෙනුවට අපි ඔක්කොම එකම ලේ, යනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අද කොළඹ 07 රූපවාහිනී සංස්ථාව අසලදී විරෝධතාවක නියළුනහ.
පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි විසින් එම විරෝධතාවය මෙහෙය වූ අතර, මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවනවායැයි කියන අන්තවාදී ක්‍රියාකාරකම් වලට විරෝධය පාමින්, අපි ඔක්කොම එකම ලේ කියමින් සමානාත්මතාවය සහ සමලිංගික නිදහස ඉල්ලමින් පිරිස විරෝධතාවයේ යෙදිනි.
එම ස්ථානයට සිංහලේ ජාතික බළමුළුවේ ජාතික සංවිධායකඅරඹේපොල රතනසාර හිමි ඇතුළු පිරිස පැමිණි අතර එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විරෝධතාවය සදහා සිංහලේ යොදාගැනීම සම්බන්ධයෙන් පිරිස ප්‍රශ්නකර සිටි අතර, ඒ සදහා නිසි පිළිතුරක් ලබා දිමට අසාද් සාලි මන්ත්‍රීවරයාට නොහැකි විය.
මෙහිදී පොලීසිය පක්ෂපාති අයුරින් හැසිරෙන් දක්නට ලැබුණු බවත්, සිංහලේ ජාතික බලමුළුවේ පිරිස කෙසේ හෝ එම ස්ථානයෙන් ඉවත් කර දෙන බව එහිසිටි පොලිස් ප්‍රධානියා අසාත් සාලි මන්ත්‍රීවරයාට සමීප වී පැවසූ බවත් අප මාධ්‍යවේදීන් පවසයි.
[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043136682460826/” width=”500″ height=”400″ onlyvideo=”1″]
[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043139492460545/” width=”500″ height=”400″ onlyvideo=”1″]