Colombo Today Local News

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

වයස අවුරුදු දහසයත්-විස්සත් අතර තරුණ තරුණියන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය සූදානම් වෙයි.

කම්කරු ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ රැකියා කිරීමේ පරිසරයකට ළමයින් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි.

මෙම වයස් සීමාවේ දරුවන්ට මසකට පැය විස්සක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය. එම සේවා කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබා දීමටද නියමිතය. එම කාලයේ ස්ථිර රැකියා අවස්ථා ලබා නොදිය යුතු අතර විධිමත් පුහුණුවක් ලබා දීම ද අනිවාර්යය වෙයි. දැනට තරුණ ප්‍රජාව රැකියා සඳහා යොමු වීමේ වයස අවුරුදු දහසය වෙයි. නව නීති සංශෝධනයට අනුව රැකියා කිරීමේ අවස්ථාව පාසල් සිසුන්ටත් හිමි වෙයි.

එහෙත් අනතුරුදායක රැකියා අවස්ථා හැත්තෑ දෙකක් තිබෙන අතර ඒවායේ රැකියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යාංශය පවසයි. තවද අර්ධ කාලීන රැකියා කිරීමේ දී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීමේදී ප්‍රශ්නයක් මතු වන බැවින් ඒ සඳහා ද නීති සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. ආයෝජන හිතකර ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමද මෙහි අරමුණයි.

Related posts

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

ලිබියාවේ මැතිවරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉල්ලයි

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි – අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතත් යොමු කෙරේ

colombotoday

අර්චුනා අල්ලා පොලිසියට බාරදීමේ සූදානමක්?

Admin

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday