පෙරේදා දිනයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරන් සමග පැවති හමුවේදී, ඒකාබද්ධ විපක්ෂය නුවර සිට කොළඹට පැමිණීමට නියමිත පාගමනට තමන්ගේ අකමැත්තක් නොමැති බවට ජනාධිපතිවරයා පැවසුවේයැයි ප්‍රසන්න රණතුංග මහතා උපුටා දක්වමින් දිවයින පුවත්පත පළකල පුවත සාවද්‍ය බවට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා එවැනි කිසිදු අනුමැතියක් දී නොමැති බවත්, රජය විරුද්ධව කෙරෙන මෙම පා ගමනට ජනධිපතිවරයාගේ අනුමැතිය කිසිසේත් හිමි නොවන බවත්ය.
මේ පිළිබදව අදාළ පුවත්පතේ කතෘවරයා අමතමින් එම පුවත නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවද ඇමතිවරයා සදහන් කර සිටියහ.