Colombo Today Local News

ගුරු – විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවයි

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාක්මත කළ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

එම වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන ද අද (07) පස්යාල ප්‍රදේශයේ දී අත්හිටුවීමට තීරණය කර තිබේ.

කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශවවල ඉල්ලීම් මත එම තීරණය ගත් බව පුජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේය.

“ඊයේ දවස වන විට විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු – විදුහල්පතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා පවතින තත්ත්වය යටතේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආපස්සට ගෙන රටේ පවතින තත්ත්වය සමඟ ඉදිරියේ දී අරගලය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස. ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා. අපේ මහානායක හාමුදුරුවෝ ප්‍රධාන අපිට ආශිර්වාද කළ සියලු පාර්ශව අපිව දැනුවත් කළා ගුරු – විදුහල්පතිවරුන් විදියට සංවේදීව අද දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනවා තාවකාලිකව. කොවිඩ් වසංගතය අද ව්‍යවසනකාරී තත්ත්වයකට ඇවිල්ලා පැයකට 4 දෙනෙක් මියයන තත්ත්වයට පත්වුණේ ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී ක්‍රියා පිළිවෙල නිසා. ආණ්ඩුව මේ ව්‍යාප්ත වුණ කොවිඩ් රැල්ල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගොඩට දාලා ඇඟ බේරා ගැනීමේ උත්සහයක් ගනිමින් ඉන්නවා. මෙය තේරුම් ගත්ත අපි මෙම ව්‍යාපාරය තාවකාලිව අඩියක් ආපස්සට ගන්නවා. “

මේ අතර ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරි සතිය තුළ විරෝධතා සංවිධානය කර නොමැති බවය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක් කර නායකත්වය මහින්දට ගන්නැයි යෝජනාවක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

රනින් දිනූ දිනේෂ් ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට මුදල් ත්‍යාග

colombotoday

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin