Colombo Today Local News

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවද සඳහන් කළේය.

අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද සූදානම් විය යුතු බවත් එවිට එම ජිවිත පුජා කළ අය ජනතාව වීරයන් සේ සමරනු ඇති බවත් ඔහු පැවසුවේය.

අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20ක් 25ක් මිය යා හැකි බව සඳහන් කළ ෆොන්සේකා මහතා එවැනි ප්‍රහාර වලින් අරගලය නොනවතින බවද ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී ජාත්‍යන්තරය මැදිහත්වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කළ හැකි බවත් මැද පෙරදිග රටවල ඒ සඳහා උදාහරණ ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

ජනතාවට පහර දුන්නොත් එවැනි දේවල් සිදුවන්නැයි තමා ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය.

අද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවත් සමහර දරුවන් හිරේ සිටින ආකාරය තවත් දරුවන් හැංගි සිටින බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ජනතාවට පහර දීම සම්බන්ධයෙන්වන අණ පිළිනොපදින්නැයි හමුදාවට නැවත වතාවක් අවධාරණය කර සිටින බව පැවසූ හෙතෙම හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතු බවද කියා සිටියේය.

අරගලය ඇතුළත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම්ද සිටින බවත් ඔහු කීවේය.

රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම්ද සිටින බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අරගලය සන්නද්ධ අරගලයක් නොවුණහොත් හොඳ යැයිද හෙතෙම පැවසීය.

පාලකයන් දූෂිත නම් ඔවුන් එළවා දැමිය යුතු බවත් අරගලය වෙනුවෙන් ඕනෑම අයකු සමඟ කතා කිරීමට තමා සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

අරගලය නිර පාක්ෂික එකක් බව පැවසූ ෆොන්සේකා මහතා දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැතිව ආරම්භවූ අරගලය හරහා නායකයන් ඉදිරියේදී බිහි වනු ඇති බවද ප්‍රකාශ කළේය.

අරගලය වෙනුවෙන් තමා නීතිඥවරුන් එක්දහස් පන්සියයක් එකතු කරගෙන යන බවත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්ද සම්බන්ධ කර කරගැනීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසූවේය.

සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අන්තර්ජාල වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

Related posts

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

colombotoday

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

Admin

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday