Covid 19Uncategorized

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

පිටස්තර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුළුවීමට පැමිණි 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනයවී ඇතැයි හඳුනාගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුළුවන එක් මාර්ගයක් වන හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල මාර්ග බාධකයේදී සිදු කරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ බව තහවුරු වුණු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

ඉන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බවත් සෙසු අය බස්නාහිර පළාතේ සිට පැමිණෙන පිරිස් බවත් අනාවරණයවී තිබේ.

ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයන්ට යොමු කර ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Related posts

ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියාවේ පහළටම ඇද වැටේ…. ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කෙරේ…

Admin

පවිත්‍රාට කැපිල්ලක්

Admin