World

ඇමරිකානු මිසයිලවලට නැවැත්විය නොහැකි චීනාගේ සුපිරි අවිය – Video

අමෙරිකානු මිසයිල ආරක්‍ෂණ පද්ධති පරාජය කිරීමේ අරමුණින් චීනය විසින් නිෂ්පාදනය කළ ශබ්දයේ වේගයට අධික ග්ලයිඞ් රථයේ 6 වන අත්හදා බැලීම සාර්ථක ලෙස සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම DF-ZF යනු ප‍්‍රතිග‍්‍රාහක මිසයිල පදනම් කරගත් ගුවන් ආරක්‍ෂණ පද්ධති පරයා යා හැකි අධිවේගී මිසයිලයක් වන බවටයි අවි විශේෂඥයින් හඳුන්වා ඇත්තේ.

මධ්‍යම චීනයේ ශැංසි ප‍්‍රාන්තයේ පිහිටා ඇති වුෂායි පරීක්‍ෂණ මධ්‍යස්ථානයෙන් DF-ZF ග්ලයිඞ් රථය නිකුත් කර ඇති අතර එය පළමුව බැලස්ටික් මිසයිලයක ආධාරයෙන් වායුගෝලයේ කෙළවරට රැගෙන ගොස් තිබේ.

ඉන්පසුව බැලස්ටික් මිසයිලයෙන් මිදුණු DF-ZF අවිය කිලෝමීටර් දහස් ගණනකට ඔබ්බෙන් බටහිර චීනයේ පිහිටි ඉලක්කයක් වෙත ගමන් කර ඇත.

මෙලෙස අභ්‍යවකාශය හා වායුගෝලයේ කෙළවර දක්වා කිලෝමීටර් 100ක් පමණ රැගෙන යාමෙන් පසුව මෙම අවිය වායුගෝලය මත ලිස්සා යමින් ශබ්දයේ වේගය මෙන් 10 න් 06 ගුණයක වේගයක් අත් කරගන්නා බව පැවසේ.

අමෙරිකානු මාධ්‍ය පවසා ඇත්තේ පරීක්‍ෂණය ඇමරිකානු බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණය කළ අතර එය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයකට අධික වේගයකින් ගමන් කළ බවයි.

DF-ZF සන්නද්ධ කරනු ලබන්නේ සාම්ප‍්‍රදායික අවි හිසකින්ද න්‍යෂ්ටික අවි හිසකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි ද වාර්තා වේ.

Related posts

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin

බොරතෙල් මිල තවත් පහලට

Admin

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

ගින්දර සමග සෙල්ලම් කරන්න එපා – චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday