Colombo Today Local News

අයි.එම්.එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක හමු වෙති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)දින පැවැත්විණ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡා වටයේ සාකච්ඡාවක් වශයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.

එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත් බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

එම හමුව සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්

colombotoday

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

colombotoday