Colombo Today Local News

කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්

“කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්” මේ අද දවසේ එච් ,එම් ජයවර්දන මහා සංගීතවේදියානන්ගේ රුපයක් සමග අන්තර්ජාලය පුරා සැරිසරන වැකියකි.

සමාජ ජාල වෙබ් අඩවි පුරා සංසරණය වන මේ සටහන ඔබ වෙත අප ගෙන එන්නේ කිසිවෙකුටත් අපහාස කිරීමේ අරමුණකින් නොවන බව සඳහන් කල යුතුමය.

ලාංකීය සංගීත මංපෙතට මියුරුසර එක්කල එච්.එම්. ජයවර්ධන ශූරින් හට නිරෝගී සුවය පතමු.

  • ප්‍රේමය නම්
  • පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ
  • සඳ තරු නිහඬයි
  • ඔබයි රම්‍ය සඳ කිරණ
  • කඩමංඩියේ දොළ අයිනේ
  • ලාදළු බෝපත්
  • මා එක්කලා අමනාපව වී දබර
  • මේ ජීවන ගංගාදාරයේ
  • පූජාසනයේ ඔබ හිඳුවා
  • ඇය යන්න ගියා මැකිලා.
  • නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි
  • පිළිම නෙලා නැති විරුවන් පිරිසක් …

මේ ඔබගේ විසල් නිර්මාණ කෞශල්‍යයෙන් බිඳකි…
තම ජීවිතයේ වැඩිම කාලයක් මේ රටේ රසික ජනයා අමන්දානන්දනයට පත්කල අරැත්බර ගී තනු දහස්ගනනක් ඔහුගේ සුරතින් නිමවුනි. ඉන් මහා ධනස්ඛන්ධයක් ඉපැයු ගායක ගායිකාවන් බුරුතු පිටින් මේ රටේ සිටී. එහෙත් ඔහු අසලකට හෝ නොපැමිණෙති.ඒ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයයි…මෙවන් කෘතහස්ත මිනිසුන් මෙවැනි රටක ඉපදිමම නොකල වරදකට දඬුවම් විඳීමකි. වෙනත් රටක මෙවන් ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ සැඳෑ සමය රජයේ වගකීමක් කොට සලකා හැකි සෑම පියවරක්ම ගනී. මෙවන් උතුම් මිනිසුන්ට මරණයේදී රැගෙන එන මල්වඩමකට වඩා ජීවත්ව සිටියදී මිනිසුන් ලෙස ගෞරවාන්විත ජීවිතයක් මුලින්ම ලබාදිය යුතුය.සියල්ල ගැත්තන්ට ප්‍රශස්ති ගී ගයන්නන්ට පමණක් සීමාවූ ත්‍රාඩ සමාජයකදී ඔබ එහි හිමිකරුවෙකු නොවනු ඇත.එනමුදු ඔබගේ පරිකල්පනය තුල මැවුනු හදවත් කම්පනය කල ස්වර රටා ඇසෙන විට ගාන්ධරවයාණනි රිදුම්දෙන්නේ අපේ පපුකුහරයයි..අව්‍යාජ නිහඬ මිනිසෙකු වන ඔබට ඉක්මන් සුවය හදවතින් පතන්නෙමි.

Related posts

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday