Colombo Today Local News

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

මෙරව උසස් පෙළ විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල්.ටී.ටී.ඊ රැඳවියන් ඇතුලු බන්ධනාගාර රැදවියන් දෙදෙනකු ඉන් සමත් වී ඇති බව බන්ධනාගා දෙපාර්තමේන්තුව පවසයි.

රැදවියන් තිදෙනකු මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයේ දී මෙවර උසස් පෙළ විභාගයේ කළා විෂය ධාරාවෙන් පෙනී සිටි බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

විවිධ චෝදනා ලබා බන්ධනාගාර ගත වන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම ප්‍රධාන අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත්වීම මතරැඳවියන් විභාගය සදහා ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල්.ටී.ටී.ඊ රැඳවියෙකු වන කිලිනොච්චිය ප්‍රදේශයෙහි පදිංචි වයස අවුරුදු 38ක් වන රැඳවියා විසින් භුගෝල විද්‍යාව- සම්මාන සාමාර්ථ C ද, හින්දු ශිෂ්ඨාචාරය- සම්මාන සාමාර්ථ Cද, දමිළ භාෂාව – සාමාන්‍ය සාමාර්ථ S ද, ලබා ගනිමින් සමත් වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

වැලිකඩ බන්ධනාගාරයෙන් පෙනී සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක රැඳවියා විසින් දේශපාලන විද්‍යාව-සාමාන්‍ය සාමාර්ථ S ද, බෞද්ධ ශිෂ්ඨාචාරය-සාමාන්‍ය සාමාර්ථ S ද, සිංහල – සාමාන්‍ය සාමාර්ථ S ද, ලබාගෙන සමත් වී ඇති බවද හෙතෙම කීය.

Related posts

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

Admin