Colombo Today Local News

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

නීතියට පටහැනිව රැඳවුම් නියෝග මත රඳවා තබා තබාගනිමින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළේය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු හය දෙනකු නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අංශ මඟින් ඉකුත් අගෝස්තු මස 18 වනදා තමන්ව නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගෙන ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි රැදවුම්භාරයේ තබා ගෙන ඇතැයි පැමිණිලිකරු සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිය හදාරමින් සිටින තමන් ගෝඨා ගෝ ගම අරගල භූමියේ සක්‍රීය අරගල කරුවෙකු වන බවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් මෙරට සමාජීය ප්‍රශ්න ගනනාවකටම සක්‍රීයව දායකත්වය දක්වා ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබේ.

මේ හේතුවෙන් මෙම පෙත්සම විභාගයට ගෙන තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සඳහන් කර නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන් බැලීම සඳහා තම පවුලේ ඥාතීන්ට සහ නීතිඥවරයෙකුට අවසර ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්න ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම රැඳවුම් නියෝග අවලංගු කර තමන් මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin

මෛත‍්‍රී 2020 ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි..

colombotoday

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday