Colombo Today Local News

එළදෙනුන් ගැබ් ගැනීම වසර පහක් තිස්සේ අඩාල වෙලා – දේශීය කිරිපිටි නිෂ්පාදනයේ අඩුවීමක්

රටේ ප්‍රමාණවත් පරිදි කිරි නිෂ්පාදනක් සිදු නොවන බැවින් කිරි පිටි ඇතුළු නිෂ්පාදන වැඩි කිරීමට නොහැකි බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා පවසයි.

හයිලන්ඩ් කිරිපිටි ඇතුළු නිෂ්පාදන සඳහා දිනකට කිරි ලීටර් ලක්ෂ හයක් පමණ අවශ්‍ය වූවත්,දිනකට ලැබෙන කිරි ප්‍රමාණය ලීටර් 140,000 ක් දක්වා අඩුවී ඇතැයිද ඔහු පවසයි.

එළදෙනුන් ගැබ් ගැනීම ඉතා අඩුවී තිබෙන බවත්,මේ නිසා දියර කිරි නිෂ්පාදනය අඩුවී ඇති අතර එළදෙනුන් ගැබ් ගැනීමේ ක්‍රියාවලිය වසර පහක් තිස්සේ අඩාලවී ඇති බවද ඔහු සදහන් කරයි.

මිල්කෝ ආයතනය දියර කිරි නිෂ්පාදනයට මුල්තැන දී කටයුතු කරන බවත්,වෙළඳ පොළට නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි කිරිපිටි නිෂ්පාදනය නොකෙරෙන බවත් ඔහු පවසයි.

Related posts

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

colombotoday

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

පන්නිපිටිය උණුසුම්… බෝධිය කපා ඉවත් කිරීමට එරෙහිව විරෝධතා.. පොලීසිය සීරුවෙන් !!

colombotoday

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

colombotoday

පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday