ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්රදේශයේ ජලයේ පාවෙමින් තිබියදී කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (01) සවස සොයා ගත්බව දිඹුල- පතන පොලීසිය පවසයි.
මෙම මළ සිරුර මීට දින හයකට පමණ පෙර ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටී අතුරුදහන්ව සිටි පතන කඩවීදීයේ පදිංචි මලර්විලී (55) නැමැති කාන්තාවකගේ බවට ඇගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇති අතර සොයා ගන්නා ලද මළසිරුර බෙහෙවින් නරක්ව පැවැති බව පොලීසිය කියයි.
පසුගිය 18 දින තරුණියක්ද මෙසේ ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී අතුරුදහන්ව වු අතර එම තරුණිය පිළිබදව තොරතුරක් මෙතෙක් වාර්තා වී නැතැයි පොලීසීය කියයි.
දිඹුල- පතන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.