Colombo Today Local News

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ පැවති තිරුවිලා දේව මෙහෙය උත්සව අවස්ථාව අතරතුරදී පැවති වෙන්දේසියකදී අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වු බව කෝවිල් පාලක සභාව පවසයි.

ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ දෙවියන් වෙනුවෙන් යාඥා කොට පූජාකරමින් දේවමෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව පැවති වෙන්දේසියේදී එහි භාණ්ඩ අතර තිබූ අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් එලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වි ඇත.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවකු විසින් අදාළ මුදල වෙන්දේසියේදී ඉල්ලීම් කොට ඇති අතර, අදාළ දරුවාගේ මාපියන් හා විදේශගත ඥාතීන් විසින් වෙන්දේසියේදී අඹ ගෙඩි තුන වෙත රුපියල් ලක්ෂ 10 ක ලන්සුව තබා තිබේ.

ලන්සුව වෙනුවෙන් ලැබුනු රුපියල් ලක්ෂ 10 ක මුදල කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගන්නා බවටද කෝවිල් පාලකසභාව පවසයි.

පසුව වෙන්දේසියේදී අඹ ගෙඩි තුන සහ මල්මාලය රුපියල් ලක්ෂ 10 කට ලබාගත් දරුවා වෙනුවෙන් කෝවිලේ පාලක සභාව ගරු කිරීමක් හා සෙත්ශාන්ති සිදුකළ බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

බස් වර්ජනයක්?

Admin

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

colombotoday