Colombo Today Local News

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධයැයි පැවසෙන ‘හාල් සමීර’ නොහොත් වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍ර‍නාන්දු නැමැත්තා පොලිස් විශේෂ කාර්යබලකායේ(STF) අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්තඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන්නේ, සැකකරු සහල් නිෂ්පාදකයින්ගෙන් මහා පරිමාණයෙන් සහල් එක්රැස් කරමින් ඒ සඳහා අගරු චෙක්පත් නිකුත් කර ඇති බවය.

මීගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු සහල් ජාවාරම් සිදු කිරීම ඇතුළු මූල්‍ය වංචා රැසකට සම්බන්ධ බවට සැක කෙරේ.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වර 02ක්, චීනයේ නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ විවිධ වර්ගවල ජීව උණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී තිබේ.

Related posts

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !

colombotoday

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනපති තැබූ සටහන

colombotoday