Colombo Today Local News

යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !

p232

ඊයේ (21) අළුයම 1.30ට පමණ යාපනය තුන්නලායි උතුර ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා.

තොණ්ඩමනාරු කලපුව ආසන්නයේ වෙරළාශ්‍රීත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සදහා ස්ථානගත කර ඇති පොලිස් මුරපළක රාජකාරියෙ නිරතවෙමින් සිටි සිංහල ජාතික නිලධාරීන් පස් දෙනෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔවුන් සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවි පැහැර ගැනීමට උත්සහා කර ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දියාව සහ යාපනය හරහා සිදුවන මත්ද්‍රව්‍ය සහ හොරබඩු ජාවාරම ක්‍රියාත්මක වන්නේ තුන්නලයි වෙරළ තීරය හරහා බව පැවසෙන අතර එම සිදුවීම් නිරීක්ෂණය සදහායි මෙම පොලිස් මුරපළ පිහිටුවා තිබෙන්නේ.

මූලාශ්‍රය – නෝවේ නිව්ස්

Related posts

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday