Colombo Today Local News

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පසුගිය 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ මහතා ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, වසන්ත මුදලිගේ මහතා ඇතුළු තුන්දෙනා හැර 15 දෙනා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

එක් අයෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පැය 72ක් රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගැනුණු අතර, ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඔවුන් දින 90 ක් රඳවා තබා විමර්ශනය කෙරෙනු ඇති.

Related posts

රුපියල් හත්සීයක් දෙන්න බැරිව ප්‍රසන්න රණවීර ගුවන්තොටුපොළ සුළු සේවකයෙක්ට පහර දෙයි

Admin

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday

ඡන්ද ගණන් කිරීම ඇරඹේ.. 60-70% ප්‍රතිශතයක් ඡන්ද ප්‍රකාශ කරයි.. ප්‍රතිඵල නිකුත් කරන පිළිවෙල මෙන්න

colombotoday

අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙයි – යුද හමුදාව කැඳවයි

Admin

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday