Colombo Today Local News

ජූඩ් ශ්‍රමන්තට සමාව දීම ගැන අහන්න CIDය මෛත්‍රීගේ ගෙදරට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (අගෝ. 18)දින පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන ඇත.

ඒ, රෝයල් පාර්ක් ඝාතන සිදුවීමේ වැරදිකරු වූ ජූඩ් ශ්‍රමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ සිදුවීම ගැන හිටපු ජනාධිපති කළ ප්‍රකාශ සම්බන්ධයෙනි.

ඒ මහතා පදිංචිව සිටින බෞද්ධාලෝක මාවතේ නිවසට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇතැයි කියති.

අදාළ ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වේ.

රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැටපෙළ මතදී 2005 වසරේ ජූනි 30 වන දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙළ සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන් පසු කොළඹ මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2012 වසරේදී ඔහුට ‍ෙදාළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

පසුව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය ඔහුට මරණ දඬුවම ලබා දී ඇත.

පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථිර කෙරිණි.

කෙසේ වෙතත්, ජූඩ් ශ්‍රමන්තට 2016 වසරේ ජනාධිපති සමාව හිමි විය.

Related posts

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

උතුරු කොරියාවට විරෝධය දැක්වීම : ජනපති දැනන් හිටියේ නැතිලු..!

colombotoday

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

colombotoday