Colombo Today Local News

වීසා අවලංගු කල අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

අරගලයට සහය දැක්වූයේ යැයි චෝදනාවට ශ්‍රී ලංකාව නිකුත් කර තිබූ වීසා අවලංගු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය කෙලී ෆ්‍රාසර් සොයා ශ්‍රී ලංකා ආගමන හා විමගන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ කණ්ඩායමක් සහ බුද්ධි අංශ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය අද (18) පස්වරුවේ පැවසුවාය.

ඇයගේ වීසා අවලංගු කර ඇති බැවින් තව දුරටත් ශ්‍රී ලංකාව තුළ රැදී සිටීමේ නීතිමය අයිතියක් නොමැති බවත් ඇය සොගෙන රටින් පිට කිරීමට නියමිත බවත් බණ්ඩාර මහත්මිය කීවාය.

ඇය මේ වන විට අතුරුදන්ව ඇති බව කී පියුම් බණ්ඩාර මහත්මිය ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් අද පස්වරුව දක්වා ලැබී නොතිබුණු බව ද සඳහන් කළේය.

Related posts

මුස්ලිම් නොවන පුද්ගලයින්ට පුරවැසිභාවය ලබාදීමේ පනත වළක්වන්නැයි කළ ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ත්‍රිකුණාමලයේදී රැස්වෙයි…

colombotoday

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday