Colombo Today Local News

පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

පොලිස් නිලධාරීන්ට ලබා දෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ, කැබිනට් මණ්ඩල ප්‍රතිපත්තියක් ලෙස ඒ සඳහා සිය අනුමැතිය ලබාදී ඇති බවය.

කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි කරන ලද කාලයට අදාල දීමනාව ගෙවීම කල්දැමීමට පියවර ගෙන ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

දැනට දින 14 ක් දක්වා පමණක් ගෙවනු ලබන සංයුක්ත දීමනාව ඉදිරියේදී දින 21 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බව ‍මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන සලාක දීමනාව වෙනුවට, ඊට සරිලන ප්‍රතිශතයකින් මෙම සංයුක්ත දීමනාව වැඩි කිරීමට නියමිතව තිබේ.

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

Admin

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

colombotoday

මහවිරු දින පොලිස් නිලධාරීන් ඝාතනය යටගැසීමේ තැතක්. රණ ශුර,රණ වික්‍රම බුද්ධි නිලධාරියා අද(26) අත්අඩංගුවට?

colombotoday

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday