Colombo Today Local News

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම බලවේගය තුළින් රටේ අනාගතය අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය, පොහොර, ගෑස්, බඩුමිල ආදී සියලු ගැටලු සම්බන්ධයෙන් කිසිවෙකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (8)දින පැවති රණවිරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

සියලු ජාතීන්ගේ සමඟි සන්ධානය මගින් 28 වැනි වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රටේ ගොවි ජනතාව තවමත් පොහොර නොමැතිව දුක්ඛිත තත්වයක පසුවන බව කී හිටපු ජනාධිපතිවරයා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්‍ෂය කටයුතු කරන බව ද කීවේය.

Related posts

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin

බදු බර කොත්තුවෙනුත් දැනෙයි.. රයිස්, ඩෙවල් රුපියල් 10කින් නගී.

colombotoday

මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)

colombotoday

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday